Ultimate magazine theme for WordPress.

Watch : බට්ලර් දවා ගන්න කැම්පර් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

එංගලන්තය හා අයර්ලන්තය අතර ඩබ්ලින්හි පැවැති තෙවැනි විස්සයි 20 තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් සමත් වුණා.

ජොස් බට්ලර් ලකුණු බින්දුවකට දවා ගැනීම සදහායි ඔහු තනි අතින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි. දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.