Watch : අතීතය යළි සිහි කැඳවූ bowl out වටයේ ජය දකුණු අප්‍රිකාවට

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්‍රාම ගත් තරු රැසක් යලි ක්‍රිකට් පිටියට කැඳවමින්, World Championship of Legends 2025 හෙවත් WCL2025 පන්දුවාර විස්සයි 20 තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙනවා.
මේ තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් යන රටවල්වල්වලින් හිටපු ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායම් 6 ක් ක්‍රීඩාකරනවා.
තරගාවලියේ 2 වන තරගය ඊයේ (19) West Indies Champions සහා South Africa Champions යන කණ්ඩායම් 2 අතර බර්මිංහැම්හීදී පැවති අතර එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග දෙවනියට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 11 ක් තුල ලැබුන ඉලක්කය ලකුනු 81 ක්.
නමුත් ඔවුන්ට එම පන්දුවාර 11 තුල කඩුලු 6 ක් බිඳ වැටී රැස්කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 80 ක් පමනයි.
ඒ අනුව තරගය සමවීමත් සමග ජයග්‍රහණය තීරණය කිරීම සඳහා මේ වන විට භාවිතා වන අයුරින් සුපිරි පන්දුවාරයක් ( Super Over ) ක් ක්‍රියාත්මක වුනේ නැහැ.
ඒ වෙනුවට අතීතය යලි සිහිකැඳවමින් ක්‍රියාත්මක වුනේ Bowl Out වටයයි.
මෙහිදී එක් කණ්ඩායමක් සඳහා පන්දු 5 ක් හිමිවු අතර එහිදී වැඩිම වාර ගණනක් කඩුල්ල බිඳ දමන කණ්ඩායම ජයග්‍රහකයන් බවට පත්වනවා.
සිය පන්දු 5 තුල South Africa Champions කණ්ඩායම අවස්ථා 2 කදී කඩුල්ල බිඳ දැමුවත්, West Indies Champions කණ්ඩායමට මුල් අවස්ථා 4 තුල එක් පන්දුවකදීවත් කඩුල්ල බිඳ දැමීමට හැකියාවක් ලැබුනේ නැහෑ.
එලෙසින් එම තරගය Bowl Out වටයේදී ජයග්‍රහනය කිරීමට South Africa Champions කණ්ඩායම සමත්වුනා.
My favourite cricket tradition is back — the Bowl Out! Nostalgia hits harder than a Brett Lee bouncer.
Feels like 2007 all over again 🥹🥹🥹🥹.
pic.twitter.com/73bHtt1Gi4— Virat (@chiku_187) July 19, 2025