ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
හැරී බෘෘක්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට සැක් ක්‍රව්ලි යළි කැදවා තිබීම විශේෂත්වයක්.
ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව ඔහු පළමු වරට හෙට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරනු ඇති.
අඩිල් රෂීඩ් සමග ලියම් ඩෝසන් දග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්.
පළමු තරගය හෙට පස්වරු 2:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
1. Zak Crawley
2. Ben Duckett
3. Joe Root
4 Jacob Bethell
5. Harry Brook (c)
6. Jos Buttler (wk)
7. Will Jacks
8. Sam Curran
9. Jamie Overton
10. Liam Dawson
11. Adil Rashid