BBL නිසා කොදෙව් ප්‍රබලයින් කිහිප දෙනෙකු ජාතික වගකීමෙන් ඉවත් වෙයි – කාර්ති T20I සංචිතයට

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.
කේසි කාර්ති පළමු වරට විස්සයි 20 සංචිතයට නම් කර ඇති අතර, ජොන්සන් චාර්ල් ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ෂේයි හෝප් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් සංචිතයට නම් කර නැහැ.
අකීල් හොසේන් ද එම හේතුව නිසාම අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ජෙයිඩන් සීල්ස් අවසන් තරගය සදහා වන කොදෙව් සංචිතයට නම් කර තිබෙනවා.
දෙසැම්බර් 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විස්සයි 20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි. බිග් බෑෂ් ලීග් තරගාවලිය ද ආරම්භ වන්නේ දෙසැම්බර් 15 වැනිදායි.
West Indies squad for Bangladesh T20Is
Rovman Powell (c), Brandon King (vice-capt), Keacy Carty, Johnson Charles, Roston Chase, Justin Greaves, Terrance Hinds, Akeal Hosein/Jayden Seales, Alzarri Joseph, Evin Lewis, Obed McCoy, Gudakesh Motie, Nicholas Pooran, Romario Shepherd, Shamar Springer