ටොම් හා සෑම් කරන්ගේ අනෙක් සහෝදරයාටත් වෙනත් රටකින් ජාත්‍යන්තර වරම් හිමි වන ලකුණු

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන සිම්බාබ්වේ සංචිත නම් කර තිබෙනවා.
එක්දින සංචිතය සදහා පළමු වරට බෙන් කරන් නම් කර තිබීම විශේෂත්වයක්. ඔහු හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක කෙවින් කරන්ගේ පුත්‍රයා වන අතර, එංගලන්ත ක්‍රීඩකයින් වන සෑම් කරන් හා ටොම් කරන්ගේ සහෝදරයා ද වනවා.
ඔහුට අමතරව Newman Nyamhuri ද සංචිත දෙක සදහාම නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Faraz Akram, Brandon Mavuta හා Clive Madande එක්දින සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. Nyamhuri සමගින් Takudzwanashe Kaitano විස්සයි 20 සංචිතයට නම් කර ඇත්තේ Madande හා Mavuta වෙනුවටයි.
ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය හරාරේහීදී එළඹෙන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අනතුරුව එක්දින තරගාවලිය ද හරාරේහීදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
T20I squad:
Sikandar Raza (c), Faraz Akram, Brian Bennett, Ryan Burl, Trevor Gwandu, Takudzwanashe Kaitano, Wessly Madhevere, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Newman Nyamhuri
ODI squad:
Craig Ervine (c), Brian Bennett, Ben Curran, Joylord Gumbie, Trevor Gwandu, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Newman Nyamhuri, Victor Nyauchi, Sikandar Raza, Sean Williams