Watch : වනිදු හසරංගගේ සුපිරි Direct Hit එක මෙන්න

International League T20 තරගාවලියේ 7 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් දුවද්දී දවා ගැනීමකට පිතිකරුවෙකු හසු කර ගැනීමට Desert Vipers කණ්ඩායමේ වනිදු හසරංගට හැකි වුණා.
ඩුබායිහීදී පැවැති මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ MI Emirates කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහරදුන් MI Emirates කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. කයිරන් පොලාඩ් ලකුණු 36(23) ක් හා කුසල් පෙරේරා ලකුණු 33(29) ක් රැස් කළා.
ඉනිම අතරවාරයේදී ටොම් බැන්ටන් දවා ගැනීම සදහායි වනිදු හසරංග විසින් විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වුණේ. ඔහු විසින් කඩුල්ල වෙත විසි කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි බැන්ටන් ලකුණු 15 කට දැවී ගියේ.
එම පන්දුවේදී පන්දුව යොමු කළ ලොකී ෆර්ගසන් අතට පිතිකරණයේ නිරත වෙමින් සිටි පොලාඩ් විසින් උඩ පන්දුවක් ද ලබා දුන් අතර, එම උඩ පන්දුව ෆර්ගසන් අතින් ගිලිහී ගිය පසුබිමකයි හසරංග විසින් බැන්ටන් දුවද්දී දවා ගත්තේ. (දර්ශන පහතින්)
පන්දු යැවීමේදී ද වනිදු හසරංග පන්දුවාර 3 ක් යොමු කර ලකුණු 21 කට කඩුල්ලක් දවා ගත්තා. එම කඩුල්ල ඔහු බිද හෙලුවේ මෙම තරගයේදී යොමු කළ පළමු පන්දුවේදීමයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යමින් කඩුලු පහක ජයක් හිමි කර ගත්තා.