Ultimate magazine theme for WordPress.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

2024 වසරට අදාළ ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඔමර්සායි සමත්ව තිබෙනවා.

එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් හා වනිදු හසරංග ද මෙවර නිර්දේශ කර තිබුණා.

2024 වසරේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින තරගාවලි පහක් ක්‍රීඩා කර ඉන් තරගාවලි 4 ක් ජය ගත්තා. පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාව හමුවේ පමණයි.

එහිදී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ 24 හැවිරිදි අස්මතුල්ලාහ් ඔමර්සායි 2024 වසරේදී ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හා කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩක ලැයිස්තු දෙකේම දෙවැනි තැන හිමි කර ගත්තා.

පසුගිය වසරේදී එක්දින තරග 14 ක් ක්‍රීඩා කළ ඔමර්සායි ලකුණු 417 ක් වාර්තා කර ඇති අතර, දවා ගෙන ඇති කඩුලු ගණන 17 ක්.

ලකුණු ලබා ගැනීමේ ඉනිමක සාමන්‍ය 52.12 ක් ලෙසත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.47 ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

ඔහු දැක් වූ මෙම දක්ෂතා හේතුවෙන් චරිත් අසලංකගේ නායකත්වයෙන් නම් කෙරුණු 2024 වසරේ අයි.සී.සි එක්දින කණ්ඩායම සදහා ද ඔමර්සායි ඇතුළත් කෙරුණා.