Watch : 4, 6, 6, 6, 4, 6 – අවසන් පන්දුවාරයට රොමාරියෝ ෂෙපර්ඩ් ගහපු ලකුණු 32 මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 32 ක් රැස් කිරීමට රොමාරියෝ ෂෙපර්ඩ් අද(7) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 234 ක් ලබා ගනිමින්.

අන්රික් නොකියා යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 32 ක් එම පන්දුවාරයේ දී ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර දෙකක් සමගින්.

ෂෙපර්ඩ් මෙම තරගයේ දී පන්දු 10 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39 ක්.

අවසන් පන්දුවාරයේ හා රොමාරියෝ ෂෙපර්ගේ සම්පූර්ණ ඉනිමට අදාළ වීඩියෝ කිහිපයක් පහතින් –

Comments (0)
Add Comment