Watch : පිතිකරුත් මවිතයට පත් කළ අක්සාර් පටෙල් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් අද(7) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මුම්බායි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් දවා ගැනීම සදහායි අක්සාර් පටෙල් විසින් එක් අතකින් මෙම විශිෂ්ඨ උඩපන්දුව රැක ගත්තේ.

ඔහු විසින්ම යොමු කළ පන්දුවකින් අනතුරුව තමා වෙත පෙරළා ආ උඩ පන්දුවයි පටෙල් විසින් එලෙස රැක ගැනීමට සමත් වුණේ. එම උඩ පන්දුව රැක ගැනීම සදහා ඔහුට ප්‍රතිචාර දැක්වීමට තිබූ කාලය තත්ත්පර 0.3 ක පමණ කාලයක් බවට අනුමාන කෙරෙනවා.

දැවී යන විට ඉෂාන් කිෂන් පන්දු 23 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 42 ක්.

(දැවී යාමට අදාළ දර්ශන පහතින්)

Comments (0)
Add Comment