Watch : නූර් අහ්මඩ් රැක ගත් ආන්දෝලනාත්මක විශිෂ්ඨ උඩ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නූර් අහ්මඩ් අද(24) සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලි හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

දිල්ලි ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ප්‍රිත්වි ෂෝ දවා ගැනීම සදහා නූර් අහ්මඩ් විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී දැවී යන විට ප්‍රිත්වි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11(7) ක්.

තෙවන විනිසුරු විසින් අදාළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත් බවට තීන්දු කළ ද, මෙම උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ප්‍රශ්න කර සිටිනවා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment