මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තෙවැනි තරගය (Qualifier 2) මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.
ඒ, රාජස්ථාන් රෝයල් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.
රාජත් පටිදාර් ලකුණු 58ක් රැස් කළේ පන්දු 42කින්.
නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 24ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා හා ඔබෙඩ් මැකෝයි කඩුලු 3 බැගින් බිද හෙලුවා.
වනිදු හසරංගට මෙම තරගයේ දී ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.
ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගියේ ප්‍රසිද් ක්‍රිෂ්නාගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
ඒ අනුව මෙම තරගය ජය ගනිමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක් හිමිව තිබෙනවා.