LPL වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 500 කට වැඩි පිරිසක් – ප්‍රබල ක්‍රීඩකයින් රැසකගේ නම් එළියට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වැනි අදියර සදහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට ලබා දී තිබූ කාලය අදින් (29) අවසන් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ 2024 LPL තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 500 දෙනෙකුට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි.

අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි සියලු රටවල් ඇතුළු රටවල් 24 කින් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතයි.

තරගාවලියට ලියාපදිංචි වී ඇති ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් –

  • Australia – Usman Khawaja, Jason Behrendorff
  • Bangladesh – Tamim Iqbal, Mushfiqur Rahim, Taskin Ahmed, Najmul Hossain Shanto,
  • New Zealand – Tim Southee, Jimmy Neesham, Ish Sodhi, Mark Chapman, Colin Munro,
  • South Africa – Rassie Van Der Dussen,  Reeza Hendricks, Rilee Rossouw, Lungi Ngidi, Tabraiz Shamsi,
  • West Indeis – Shai Hope, Andre Fletcher, Oshane Thomas, Keemo Paul, Fabian Allen, Evin Lewis,
  • Pakistan – Naseem Shah, Iftikhar Ahmad, Mohammad Nawaz,
  • Afghanistan – Rahmanullah Gurbaz, Gulbadin Naib, Mujeeb Ur Rahman, Noor Ahmad, Ibrahim Zadran
  • England – Reece Topley
Comments (0)
Add Comment