NSL Update : කොළඹ 213කට සීමා වෙයි

‘National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(24) ආරම්භ වුණා.

තරග දෙකක් මේ වන විට පැවැත්වෙන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

ක්‍රිෂාන් සංජුල ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් හා අශේන් බණ්ඩාර ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත් අතර, ධනංජය ලක්ෂාන් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෝලනය සහිතව ධනංජය ලක්ෂාන් යොමු කළ පළමු පන්දුවාරයේ දර්ශන –

Comments (0)
Add Comment