IPL වෙන්දේසියේ දින එළියට ; හයිදරාබාද් කණ්ඩායමෙන් වෙනස්කම් රැසක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පවත්වන දින මේ වන විට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තරගාවලියේ සංවිධායකයින් එය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැතත්, ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 හා 13 යන දිනවලදී බැංගලෝර් නුවර දී පැවැත්වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හා උපාය මාර්ගික උපදේශක ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායකයෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන හේමන්ග් බදානි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි පත් කර ඇත්තේ.

දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

 

Comments (0)
Add Comment