ICC මූලස්ථානයටත් කොරෝනා – සේවකයින් නිවෙස් වෙත

කොරෝනා වසංගතය ඩුබායිහි පිහිටි ජගත් ක්‍රිකට් කවුන්සල මූලස්ථානයට ද බලපෑම් එල්ල කර තිබෙනවා.

ඒ, එහි සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඒ අනුව අයි.සී.සී මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බවත්, සේවකයින් නිවසේ සිට රාජකාරී සිදු කරන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයි.සී.සී මූලස්ථානය මේ වන විට විෂබීජහරණයට ලක් කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූවන් මේ වන විට බාහිර සමාජයෙන් හුදෙකලා කර ඇති බව සදහන්.

 

 

Comments (0)
Add Comment