T20 World Cup 2024 : ඇෆ්ඝනිස්ථාන සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් හයක් – ශහීඩි ඉවතට

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. මේ වන විට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 8 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ හෂ්මතුල්ලාහ් ශහීඩි මෙම ලෝක කුසලාන සංචිතයට නම් කර නැහැ.

හස්රතුල්ලාහ් සසායිට ද ප්‍රධාන සංචිතයේ ඉඩක් හිමිව නොමැති අතර, ඔහු අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබෙනවා.

සංචිතයට නම් දැරූ පිතිකරුවන් 4 දෙනෙකු පමණක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. එනම්, රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන්, නජිබුල්ලාහ් සඩ්‍රාන් හා මොහමඩ් ඉෂාක්.

කෙසේ වෙතත්, සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එනම්, රෂීඩ් ඛාන්, අස්මතුල්ලාහ් ඔමර්සායි, මොහමඩ් නබී, ගුල්බදීන් නයිබ්, කරීම් ජනත් හා නන්ගෙයාලියා කරෝතේ (Nangeyalia Kharote) යන ක්‍රීඩකයින්.

රෂීඩ්, නබී හා කරෝතේ හැරුණු විට මුජීබ් උර් රහ්මාන් හා නූර් අහ්මඩ් ඇෆ්ඝනිස්තාන දග පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරනු ඇති.

තුන් ඉරියව් වේග පන්දු යවන්නන් හැරුණු විට නවීන් උල් හක්, ෆසල්හක් ෆරූකි හා ෆරීඩ් අහ්මඩ් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි 3 වැනිදා උගන්ඩාවට එරෙහිවයි.

Squad:

Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Ishaq (wk), Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Karim Janat, Rashid Khan (c), Nangyal Kharoti, Mujeeb ur Rahman, Noor Ahmad Naveen ul Haq, Fazalhaq Farooqui, Fareed Ahmad Malik

Travelling Reserves : Sediqullah Atal, Mohammad Saleem.

Comments (0)
Add Comment