Durban Super Giants නායකයා නිවේදනය කෙරේ

ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලියේ දී Durban Super Giants (ඩර්බන් සුපර් ජයන්ට්ස්) කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ක්වෙන්ටන් ඩී කොක්ට හිමිව තිබෙනවා.

20යි 20 තරග 291 කදී ලකුණු 8,497 ක් වාර්තා කර ඇති 29 හැවිරිදි ඔහු මීට පෙර දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ද නායකත්වය දරනු ලැබුවා.

ඩී කොක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, Durban කණ්ඩායමේ හිමිකාරීත්වය ද දරනු ලබන්නේ ලක්නව් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

2021 දෙසැම්බර් මාසයේ දී ක්වෙන්ටන් ඩී කොක් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ද කටයුතු කළා.

big 3