320ක් ගහන්න පුලුවන්නම් ලොකු තරගයක් දෙන්න පුලුවන් අපිට : චාමික

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක් – 320ක් වැනි ලකුණු ප්‍රමාණයක් රැස් කළ හැකි නම් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසනවා.

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවට වඩා ඉන්දියාව පන්දුවට පහර දෙන අවස්ථාව වන විට තණතීරුව ද කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ට වාසි දායක ස්වභාවයක් ගත් බවයි චාමික කියා සිටියේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට(20) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment