10 වසරක සැමරුම දා සචින් රෝහල් ගත කෙරේ

මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය (කොඩිඩ් 19) ආසාදනය වූ බවට හදුනා ගැණුනු ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් රෝහල් ගත කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුව පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස තමන්ව රෝහල් ගත කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ.

ඉන්දීය කණ්ඩායම ලෝක ශූරතාවය ජය ගෙන අදට වසර 10ක් සපිරිම සිහිපත් කිරීමට ද ඔහු මෙහිදී අමතක කළේ නැහැ.

නිමා වූ “Road Sefety World Series” තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි ටෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ.

ඔහු ඇතුළු එම තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබුණා.

WORLD NEWS
Comments (0)
Add Comment