හැමෝම හොයපු හම්බන්තොට කාළගුණ වාර්තාව මෙන්න

දින, සති, මාස, වසර ගණනක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පුන පුනා බලා සිටි ඒ අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.

2012 වසරෙන් පසුව මෙරට දී සංවිධාන කරන ඉහළම ප්‍රමිතියෙන් යුත් පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද(26) රාත්‍රී 8ට ආරම්භ වන්නේ කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින්.

ඊට පෙර පස්වරු 6.50ට විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

බාධක රැසක් මධ්‍යයේ මෙලෙස ආරම්භ වීමට නියමිත එල්.පී.එල් තරගාවලිය සදහා වර්ෂාවෙන් ද බාධා එල්ල වනු ඇත්දැයි මේ වන විට ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

නිරිතදිග බෙංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් චන්ඩ සුළි කුණාටුව ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරන බවත්, එබැවින් එම චන්ඩ සුළි කුණාටුව මගින් දිවයිනේ කාළගුණයට වන බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවත් මෙරට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවල සදහන්.

කෙසේ වෙතත්, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, වැසිවාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නමුත් එල්.පී.එල් තරගාවලිය පැවැත්වෙන හම්බන්තොට සූරියවැව ප්‍රදේශයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම මට්ටමකයි පවතින්නේ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදු කළ අතර, ඒ අනුව හම්බන්තොට අවට ප්‍රදේශයට අදාළව accuweather නිකුත් කර ඇති කාළගුණ වාර්තාව සහ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට අදාළ කාළගුණ අනාවැකියක් මෙසේ ඉදිරිපත් කළ හැකියි.

හම්බන්තොට අවට පස්වරු කාලයේ කාළගුණ අනාවැකිය –

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට කාළගුණ අනාවැකිය –

Comments (0)
Add Comment