සූර්යකුමාර් යාදව් මාසයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

ආබාධයකට ලක් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව්ට සති 4ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වූ ඔහුට ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාට එරෙහි තරගාවලියේ ද තරග කිහිපයක් අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

අයි.පී.එල් තරගාවලිය මැයි 29 වැනිදා අවසන් වීමෙන් පසුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර 20යි 20 තරග 5ක් ජූනි 9 වැනිදා සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

පසුගිය 6 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි සූර්යකුමාර් යාදව්ගේ වම් අතෙහි ආබාධයක් සිදු වුණේ.

Comments (0)
Add Comment