සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට චාර්ල්ස් කැදවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ජොන්සන් චාර්ල්ස් නම් කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින Gudakesh Motie මෙතෙක් ඉන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් ඔහු වෙනුවට ජොන්සන් චාර්ල්ස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ දිනවල සාජාහී දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී චාර්ල් යළි කොදෙව් එක්දින කණ්ඩායමට පැමිණියේ වසර 7 කට පමණ පසුවයි.

එමීර් කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී, එනම් ඔහුගේ 50 වැනි එක්දින තරගයේ දී චාර්ල්ස් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වුණා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින කොදෙව් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇමෙරිකාව, නෙදර්ලන්තය, සත්කාරක සිම්බාබ්වේ හා නේපාලය යන රටවල්.

West Indies squad:

Shai Hope (c), Rovman Powell (vc), Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Johnson Charles, Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Keemo Paul, Nicholas Pooran, Romario Shepherd

big 3
Comments (0)
Add Comment