සිම්බාබ්වේ කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය කල් යයි

සිම්බාබ්වේ කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය කල් දැමීමට සිදුව තිබෙනවා.

අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පවතින ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන විවිධ තත්ත්වයන් පදනම් කර ගනිමින් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

අගෝස්තු 6 වැනිදා සිට දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ඒ, බෙල්ෆාස්ට් හා උතුරු අයර්ලන්තයේ දී යි.

තරගාවලියට අදාළ නව තරග කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශ කරනු ඇති.

WORLD NEWS
Comments (0)
Add Comment