සැන්ට්නර්ට කොරෝනා ; අයර්ලන්ත ගමනත් කල් යයි

නවසීලන්ත දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව අද(3) දිනයේ දී නවසීලන්ත කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග ඔහුට අයර්ලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නොහැකි වූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සැන්ට්නර් සුවය ලැබීමෙන් පසුව මෙම සතියේ අග භාගයේ දී අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව අයර්ලන්තය සමග ජූලි 10 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම අයර්ලන්තයට, ස්කොට්ලන්තයට හා නෙදර්ලන්තයට එරෙහිව 20යි 20 තරගාවලි 3ක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම 20යි 20 තරගාවලියන් හී දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

Comments (0)
Add Comment