ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණක් T10 ලීගයට ක්‍රීඩා කිරීමට අවසර

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව තිදෙනෙකු දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.

ඒ, ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා නොදීම හේතුවෙන්.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් මෙම වසරේ දී පවතින බැවින් ක්‍රිකට්  ආයතනය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මීට පෙර T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවසර හිමිව ඇත්තේ මතීෂ පතිරණ (Bangla Tigers), මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් (Northern Warriors) යන ක්‍රීඩකයින්ට පමණයි.

වනිදු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයින් ද මීට පෙර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment