ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියා – එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් 100%ක ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ‍83.33% ක් ලෙස සටහන්ව ඇති අතර, ප්‍රසාද ලකුණු 40කට ඔස්ට්‍රේලියාව හිමිකම් කියනවා.

100% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 24ක්.

එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Comments (0)
Add Comment