ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු සමග ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ

Legends League Cricket Masters (LLC Masters) තරගාවලිය අද(10) කටාර් හී දී ආරම්භ වනවා.

තරගාවලිය අද සිට එළඹෙන 20 වැනිදා දක්වා කටාර් හි දෝහා නුවර Asian Town ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා India Maharajas, Asia Lions හා World Giants යන කණ්ඩායම් තුන තරග වැදීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ Asia Lions කණ්ඩායම හා India Maharajas කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

India Maharajas කණ්ඩායම ගෞතම් ගම්භීර් විසින් ද, Asia Lions කණ්ඩායම ශහිඩ් අෆ්රිඩි විසින් ද, World Giants කණ්ඩායම ආරෝන් ෆින්ච් විසින් ද මෙහෙයවනු ලබනවා.

Asia Lions සංචිතය සදහා තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු හා ඉසුරු උදාන යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්.

තරගාවලිය ස්ටාර් ස්පෝට්ර්ස් රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Schedule:

  1. March 10: India Maharajas vs Asia Lions
  2. March 11: World Giants vs India Maharajas
  3. March 13: Asia Lions vs World Giants
  4. March 14: Asia Lions vs India Maharajas
  5. March 15: India Maharajas vs World Giants
  6. March 16: World Giants vs Asia Lions
  7. March 18: Eliminator (2nd vs 3rd)
  8. March 20: Final (1st vs Winner of Eliminator)

India Maharajas squad:

Gautam Gambhir (c), Mohammad Kaif, Murali Vijay, Suresh Raina, Irfan Pathan, Yusuf Pathan, Manvinder Bisla, Robin Uthappa, Ashok Dinda, Harbhajan Singh, Joginder Sharma, Parvinder Awana, Pragyan Ojha, Praveen Kumar, Pravin Tambe, S Sreesanth, Stuart Binny

World Giants squad:

Aaron Finch (c), Chris Gayle, Hashim Amla, Ross Taylor, Shane Watson, Albie Morkel, Jacques Kallis, Kevin O’Brien, Morne van Wyk, Brett Lee, Monty Panesar, Lendl Simmons, Paul Collingwood, Morne Morkel

Asia Lions squad:

Shahid Afridi (c), Isuru Udana, Asghar Afghan, Misbah-ul-Haq, Rajin Saleh, Abdul Razzaq, Paras Khadka, Thisara Perera, Tillakaratne Dilshan, Upul Tharanga, Abdur Razzak, Dilhara Fernando, Shoaib Akhtar, Mohammad Hafeez, Sohail Tanvir, Mohammad Amir

Comments (0)
Add Comment