ශකිබ් වෙනුවට සාකාර් ටෙස්ට් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට සෞම්‍ය සාකාර් කැදවා තිබෙනවා.

ඒ, ආබායකට ලක්වීම හේතුවෙන් කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති ශකිබ් අල් හසාන් වෙනුවටයි.

ඒ අනුව සෞම්‍ය සාකාර් අද(10) දිනයේ දී සංචිතයේ පුහුණුවීම් කටයුතු සදහා එක් වන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට(11) මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment