ශකිබ්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට අහිමි වී තිබෙනවා.

ඒ, පළමු තරගයේ දි ඔහු මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ශකිබ් අල් හසාන් ඉදිරියේ දී කණ්ඩායම රැදී සිටින ජෛව ආරක්ෂිත බුබුලෙන් ද ඉවත් වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 11 වනදා මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment