නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධ තත්ත්වය සුව කර ගැනීම සදහා සති 8ක් හෝ 9ක් පමණ ගත වනු ඇති බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.
ඒ අනුව බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.
මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් විලියම්සන් පසුගිය කාලය පුරාවටම අපහසුතාවයට පත් වුණා.
ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව එම ආබාධය නිසා ඔහුට අහිමි වුණා.
කෙසේ වෙතත්, විලියම්සන්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොවනු ඇති බවයි නවසීලන්ත පුහුණුකරු සදහන් කළේ.