Ultimate magazine theme for WordPress.

විලියම්සන්ට සති 9ක් ක්‍රිකට් අහිමි වෙයි

නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධ තත්ත්වය සුව කර ගැනීම සදහා සති 8ක් හෝ 9ක් පමණ ගත වනු ඇති බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

ඒ අනුව බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් විලියම්සන් පසුගිය කාලය පුරාවටම අපහසුතාවයට පත් වුණා.

ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව එම ආබාධය නිසා ඔහුට අහිමි වුණා.

කෙසේ වෙතත්, විලියම්සන්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොවනු ඇති බවයි නවසීලන්ත පුහුණුකරු සදහන් කළේ.

 

Leave a comment