වනිදු හෙට තරගයට ක්‍රීඩා කරාවිද? ශ්‍රී ලංකා පුහුණුකරු පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හෙට(25) ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසනවා.

20යි 20 තරගාවලිය ආරම්භය වීමට පෙර අද(24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

වනිදුට ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයට ඊයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ අතර, භානුක රාජපක්ෂ ඊයේ තරගයේ දී ක්‍රීඩා කළ ඉනිම ද මිකී ආතර් මෙම මාධ්‍ය හමුවේ දී ඇගයීමට ලක් කළා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවන්නෙකු වනු ඇති බවයි ශ්‍රී ලංකා පුහුණුකරු සදහන් කළේ.

SRI LANKA NEWS
Comments (0)
Add Comment