සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මිංහැම්හී දී පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(12).
දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්. ඔවුන් අද සිය ඉනිම නිමා කළේ සියලු දෙනා දැවී ලකුණු 388ක් ලබා ගනිමින්. ඒ අනුව නවසීලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 85ක්.
රෝස් ටේලර් ලකුණු 80කට අද දැවී ගියේ ඔලී ස්ටෝන්ගේ පන්දුවක් හමුවේයි. විල් යන්ග් ලකුණු 82ක් සහ ඩෙවෝන් කොන්වේ ලකුණු 80ක් ලබා ගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා.
ටොම් බ්ලන්ඩල් ලකුණු 34ක් ද, හෙන්රි නිකල්ස් ලකුණු 21ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 4ක් බිද හෙලුවේ ලකුණු 48ක් ලබා දෙමින්. මාර්ක් වුඩ් සහ ඔලී ස්ටෝන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 303ක්.