මැතිව්ස්ට සති 6ක් ක්‍රිකට් අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා  හිටපු නායක හා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ‍ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ආබාධය සුව වීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වනු ඇති බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කර ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්.

කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් මැතිව්ස් පිතිකරණයේ නිරත වනු ඇති.

Comments (0)
Add Comment