මාෂ් IPL පිටියෙන් ඉවතට

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම මෙවර තරග වාරය යටතේ පසුගියදා රෝයල් චැලෙන්ජර්ස් බංගලෝර් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔහු පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් කණ්ඩායමට නම් කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත්තේ.

Comments (0)
Add Comment