බුබුල කැඩූ ක්‍රීඩකයින්ට ක්‍රිකට් තහනමක් පනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්ත තරග සංචායේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනා වහාම යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති.

ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ.

 

Comments (0)
Add Comment