පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්වට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද(6) නිවේදනය කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු නම් කර ඇති බවයි.

අතිරේක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ද සංචිතයට නම් කර තිබෙනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 18 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 18 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිවයි.

දෙවැනි තරගය 20 වැනිදා කෙන්යාවට එරෙහිව ද, තෙවැනි තරගය 22 වැනිදා මැලේසියාවට එරෙහිව ද පැවැත්වෙන අතර, සිව්වැනි තරගය බංග්ලාදේශයට එරෙහි ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් වන්නේ ඉතිහාසයේ දෙවැනි වරට වීම විශේෂත්වයක්.

පළමු වරට 1998 වසරේ දී පිරිමි කණ්ඩායම් පමණක් සහභාගී කර ගනිමින් එක්දින තරග ඉසව්වක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ඇතුළත් කර තිබුණා. එහි ජය වාර්තා කළේ දකුණු අප්‍රිකාවයි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ජූලි 28 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහි කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සදහා මේ වන විටත් රටවල් 7ක් තේරී පත්ව අවසන්ව ඇති අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරග ඉසව්ව සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනවා.

Squad :
Chamari Athapaththu (Captain), Harshitha Madavi  (Vice Captain), Hasini Perera, Nilakshika Silva, Anushka Sanjeevani, Kavisha Dilhari, Ama Kanchana, Sachini Nisansala, Udeshika Prabodhani, Inoka Ranaweera, Vishmi Rajapaksha, Oshadi Ranasinghe, Sugandika Kumari, Tharika Sewwandi, Prasadini Weerkkody, Achini Kulasuriya,

Standby players
Madhushika Meththananda, Kawya Kavindi, Imesha Dulani, Sathya Sandeepani

Comments (0)
Add Comment