පිට පිට දෙවැනි වරටත් විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ස්ටොක්ස් නම් කෙරේ

පිට පිට දෙවැනි වරටත් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (Wisden’s Leading Cricketer) ලෙස විස්ඩන් සගරාව විසින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා බෙත් මූනි වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව(Leading Woman Cricketer) ලෙසයි එම සගරවා විසින් නම් කර ඇත්තේ.

ඊට අමතරව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා අතරට කෙන්ට් කණ්ඩායමේ 44 හැවිරිදි ඩැරන් ස්ටීවන්ස් (Darren Stevens) ද නම් කර තිබෙනවා.

වසරේ ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ එංගලන්තයේ සැක් ක්‍රව්ලි, ඩොමිනික් සිබ්ලි, කොදෙව් දූපත්හි ජේසන් හෝල්ඩර් සහ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන්.

WORLD NEWS
Comments (0)
Add Comment