පාකිස්තාන සංචාරයට කොදෙව් ප්‍රබලයින් රැසක් නැහැ

පාකිස්තාන තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, සියලු තරග කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු වරට කොදෙව් එක්දින සංචිතය සදහා Justin Greaves, Shamarh Brooks, Gudakesh Motie හා Odean Smith කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ජේසන් හෝල්ඩර්, ඇන්ඩ්‍රි රසල්, එවින් ලුවිස් හා ශිම්රන් හෙට්මයර් යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට නම් කර නැහැ.

කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජේසන් හෝල්ඩර් මෙම සංචාරයෙන් විවේක ගන්වා ඇති බවයි.

ෆේබියන් ඇලන් හා ඔබෙඩ් මැකෝයි ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් තරග සංචාරයට නම් කර නොමැති බව සදහන්.

ලුවිස්, හෙට්යමර්, රසල් හා ලෙන්ඩ්ස් සිමන්ස් පෞද්ගලික හේතූන් මත පාකිස්තාන සංචාරයට එක් වන්නේ නැහැ.

කිරන් පොලාඩ් මෙම සංචාරයේ දී ද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

20යි 20 තරගාවලිය දෙසැම්බර් 13, 14 හා 16 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය දෙසැම්බර් 18, 20 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

ODI squad:

Kieron Pollard (C), Shai Hope (Vice Captain), Darren Bravo, Shamarh Brooks, Roston Chase, Justin Greaves, Akeal Hosein, Alzarri Joseph, Gudakesh Motie, Anderson Phillip, Nicholas Pooran, Raymon Reifer, Romario Shepherd, Odean Smith, Hayden Walsh Jr.

T20I squad:

Kieron Pollard (C), Nicholas Pooran (Vice Captain), Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Dominic Drakes, Shai Hope, Akeal Hosein, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Romario Shepherd, Odean Smith, Oshane Thomas, Hayden Walsh Jr.

Comments (0)
Add Comment