පාකිස්තානය 297 කට සීමා වෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට අද දිනය නිමා වන විට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 297ක් පමණයි.

අසාර් අලී ලකුණු 93ක්, නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 63ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ ද ක්යිල් ජමිසන් කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

Comments (0)
Add Comment