පන්දු රකින්නන්ට බාධා කිරීම නිසා දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරු බවට ධනුෂ්ක පත් වූ හැටි

පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට අද(10) සිදු වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න අතර ලකුණු 105ක සබදතාවයක් ගොඩ නැගුණා.

දිමුත් ලකුණු 52කට දැවී ගියා.

ධනුෂ්ක ලකුණු 55ක් ලබා සිටියදීයි ඉතාමත් අවාසනාවන්ත ලෙස පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගියේ.

කෙසේ වෙතත්, කොදෙව්වන් ධනුෂ්ක ගුණතිලක දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන ලෙසට එම අවස්ථාවේ කළ ඉල්ලීම පිටියේ විනිසුරුවන් සහ තෙවන විනිසුරු විසින් ද පිළිගත් නමුත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ ධනුෂ්ක විසින් හිතාමතා එවැනි බාධා කිරීමක් සිදු නොකළ බවයි.

ඒ අනුව මෙම විනිසුරු තීරණය දැඩි මතභේදයට තුඩු දුන්න ද, පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි ඔහු මේ වන විට ඉතිහාසගත වී ඇත්තේ.

Comments (0)
Add Comment