“පන්දුව පිරිමදින්න බැරිනම් ක්‍රිකට් එපා” – පැට් කමින්ස්

පළමු පෙල තරගවලදී සහ ටෙස්ට් තරගවලදී රතු පන්දුව පිරිමැදීම සම්බන්ධයෙන් තහනමක් පනවන්නේනම් එය කිසිසේත් පිළිගත නොහැකි බව ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වන ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් පවසනවා.

පන්දුව පිරිමැදීම ඔස්සේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින්නේනම් ක්‍රීඩා කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි කමින්ස් පෙන්වා දෙන්නේ.

පුහුණුවීම් අතරතුර දී කෙළ හෝ දහඩිය යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සිදු නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය සදහන් කර ඇති අතර, තරගයක් අතරතුර දී දහඩිය හෝ කෙළ හැරුණු විට කෘත්‍රිම ද්‍රව්‍යකින් පන්දුව පිරිමැදීම සිදු කළහොත් එය පන්දුව පළුදු කිරීමට තැත් කිරීමේ වරදක් බවට පත් වනවා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය ද මේ වන විට සිය නීති සංශෝදනයක් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්දුවේ එක පසක් සුමටව තබා ගනිමින් වැඩි දෝලනයක් ලබා ගැනීම සදහා සාමාන්‍යයෙන් පන්දු යවන්නන් පන්දුව පිරිමැදීම සුලබව සිදු කරනු ලබන්නක්.

Comments (0)
Add Comment