අයි.සී.සී දශකයේ 20යි 20 ක්‍රිකට් කණ්ඩායම අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.
එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්.
ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිට් ෂර්මා සහ ක්‍රිස් ගේල් මෙම කණ්ඩායමට නම් කර ඇති අතර, ආරෝන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ග්ලේන් මැක්ස්වෙල් යන පිතිකරුවන් ද කණ්ඩායමට ඇතුළත්.
කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි.
කිරන් පොලාඩ්, රෂීඩ් ඛාන් සහ ජස්ප්‍රිට් බුම්රා ද කණ්ඩායමට නම් කර තිබෙනවා.