අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමත් සමගයි.
ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 100% ක්.
ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි ස්ථාන තෝරා ගනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම්වලට හිමි ලකුණු ප්‍රතිශතය සැලකිල්ලට ගනිමිනුයි.
ඒ අනුවයි ශ්‍රී ලංකාවට එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ.