ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නව දග පන්දු පුහුණුකරුවෙක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට තවත් පුහුණුකරුවෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව නව දඟ පන්දු පුහුණු වශයෙන් මුතුමුදලිගේ පුෂ්පකුමාර පත් කළ බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

මීට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ පත් කර තිබුණා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තිළිණ කණ්ඩම්බි මහතායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment