රයිනාට IPL අහිමි වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සුරේෂ් රයිනා ඩුබායි නුවර සිට යළි ඉන්දියාවට පැමිණ තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එලෙස ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බව සදහන්.

මේ වන විට චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලියට සහභාගී වීමේ අරමුණෙන් ඩුබායි නුවරට පැමිණ සිටින නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඇතුලු 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ.

Comments (0)
Add Comment