කොරෝනා අර්බුදය මැද ඉන්දු – එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි

ඉන්දීය ටෙස්ට් සංචිතයට සම්බන්ධ සෙසු සියලු සාමාජිකයින්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එංගලන්තය හා ඉන්දියාව අතර අද(10) මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමගයි දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හට ගත්තේ.

බදාදා (8) පස්වරුවේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපලවලින් ඒ බව අනාවරණය වී තිබූ අතර, ඒ හේතුවෙන් ඊයේ(9) සිදු කිරීමට නියමිතව තිබූ පුහුණුවීම් කටයුතු ද අත්හිටුවීමටයි ඉන්දියාව තීරණය කළේ.

ඊයේ පෙරවරුවේ දී සියලු සාමාජිකයින් යළි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරුණා.

එහිදී සෙසු සියලු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට ද පසුගියදා නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

WORLD NEWS
Comments (0)
Add Comment