කැපිටල්ස් කණ්ඩායමෙන් දසුන්ට තනතුරක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගයට (International League T20) (ILT20) ක්‍රීඩා කරන ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා හා උප නායකයා අද (30) නිවේදනය කෙරුණා.

ඒ අනුව එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මත පිතිකරු රොව්මන් පවෙල්.

ඩුබායි කණ්ඩායම් උප නායකයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පත් කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ඩුබායි කැපිටල්ස් හා අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩුබායි හී දී යි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන චරිත් අසලංක නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ද, දසුන් ශානකට අමතරව භානුක රාජපක්ෂ හා දුෂ්මන්ත චමීර ඩුබායි කණ්ඩායම සදහා ද, වනිදු හසරංග Desert Vipers කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

big 3