ජ්‍යෙෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඉයන් චැපල් සිය විස්තර විචාරක දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
78 හැවිරිදි වියේ පසු වන ඔහු වසර 45 ක කාලයක් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 75 ක් ක්‍රීඩා කර ඇති ඉයන් චැපල් ඉන් තරග 30 කදී ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.
Richie Benaud, Bill Lawry හා Tony Greig වැනි ජනප්‍රිය විස්තර විචාරකයින් සමග දශක තුනකට අධික කාලයක් ඔහු Channel Nine නාලිකාව සමග ද ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.