ආනන්දන් ආර්නෝල්ඩ්ට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමෙන් ඉහළ තනතුරක්

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස ආනන්දන් ආර්නෝල්ඩ් මහතා පත් කර තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ කළමණාකරු ලෙස පුහුණුකරුවෙකු වන ගනේෂන් වහීසන් මහතා (Ganeshan Vaheesan) (හැරී) පත් කර ඇති බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ගනේෂන් වහීසන් වසර 30ක පමණ කාලයක් එංගලන්තයේ රැදී සිටි අතර, පසුගිය වසරේ දී යි මෙරටට පැමිණ තිබුණේ.

මේ අතර, Brindon Bagirathan ක්‍රිකට් සංවර්ධන අංශය භාර ප්‍රධානීවරයෙකු ලෙස (VP of Cricket Development) පත් කර තිබෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

යාපනය සංචිතය –

Thisara Perera (c), Johnson Charles, Wanindu Hasaranga, Shoaib Malik, Usman Shinwari, Avishka Fernando, Dhananjaya De Silva, Suranga Lakmal, Binura Fernando, Tom Moores (WK), Kyle Abbott, Duanne Oliver, Chathuranga De Silva, Minod Bhanuka, Mahesh Theekshana, Charith Asalanka, Yiyakanth Viyaskanth, Prabath Jayasuriya, Nuwanidu Fernando, Kanakaratnam Kapilraj, Thevendiram Dinoshan, Sebastianpillai Vijeyaraj

Comments (0)
Add Comment